ජෝර්ජ් කීට් (1901-1993)

================-===============

ආසියාවේ පිකාසෝ යනුවෙන් ඇතැම් විචාරකයන් හඳුවන්නේ ජෝර්ජ් පරසිවල් ස්ප්රවල් කීට්ය. වර්ෂ 1901 අප්රේල් මස 17 වන දින මහනුවර අම්පිටියේදි මෙලොව එලිය දුටුවේය. කීට්ගේ පියා රජයේ මිනින්දෝරුවෙකු වන හෙන්රි කීට් වන අතර මව ඉන්දීය විමුක්ති සටනේ සාමාජීකවක වන පන්ජාබ් ජාතික කාන්තාවකි.
උපතින් ඉන්දීය ඩච් බර්ගර් පරපුරකට අයත් කතෝලික පවුලක ඉපදුන ද ජෝර්ජ් කීට් කුඩා කල සිටම මහනුවර මල්වතු විහාරය ආශ්රිතව හැදි වැඩුණහ. කුඩා කල පටන්ම බෞද්ධ දර්ශන කෙරෙහි නැඹුරු වී ඒ පිළිබදව හැදෑරු අතර වයස 20 සිට 40 දක්වාම බෞද්ධ ප්රකානශන වල බුදු සමය ගැන බෞද්ධ ප්රකාශන වල බුදු සමය ගැන ඔහු ලියු ලිපි පළ වූ අතර සමහර අවස්ථාවල ලිපි සමඟ ඔහුගේ චිත්ර ද පළ විය. මහනුවර ත්රිත්ව විද්යාලයේ මුලික අධ්යාපනය හදාරන කීට් වැඩි වශයෙන්ම කල් ගෙවනු ලබන්නේ මල්වතු විහාරය ආශ්රිතවයි. මල්වතු විහාරය තම නිවස අසල පිහිටි නිසා නිතරම එහි ඇසුර ලැබීය. එහි භික්ෂුවක වූ සංකෘතික භාෂා පිළිබඳ විශාරද හිමිනමක් වන පින්නවල ධිරානන්ද හිමිගේ උපදේශකත්වයෙන් බෞද්ධ ආගමික ඥානය සාහිත්යමය වර්ධනය කර ගනි . හිංදු සමය පිළිබදව ද කුඩා කළ සිටම අධ්යනය කළ ඔහු රවින්ද්රනාත් තාගෝර්ගේ පොත පත ඇසුරින් ඒ පිලිබදව දැනුමක් ලබා ගත්තේය. ඉංග්රිසි හා සංස්කෘත භාෂාව මැනවින් අධ්යාපනය තුලින් ලත් පරිචය නිසාම ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ඉංගිසියට ද කව් සිළුමින මුවදෙව්දාවත වැනි සම්භාවය සිංහල ග්රන්ථ ඉංග්රිසියට පරිවර්තනය කළේය . 1927 පමන සිට කීට් පුර්න කාලිනව චිත්ර කලාව කෙරෙහි යොමු විය. ඔහුගේ ප්රථම චිත්ර ප්රදර්ශනය පවත්වන ලද්දේ 1928 වර්ෂයෙදීය. ඔහුගේ මාමන්ඩියක විසින් රුපියල් 1000කට චිත්රයක් මිළදි ගනු ලැබීය. රුපියල් 1000 යනු එකල විශාල මුදලකි. ඔහුගේ මුල් කාලීන ච්ත්ර අතර වික්ටෝරියා, අම්බලම, මල්ඩපත හා කාන්තාව,අස්වැන්න, ගිමන් හරින කාන්තාව,ශිව ශෝකය, තාම්පුරාව හා ලලනාව හා ගෝවින්ද සාමි යන චිත්ර වැදගත් වේ . මුල් කාලිනව ස්භාවික ශෛලිය කෙරෙහි නැඹුරු වු ජෝර්ජ් කීට් ක්රමයෙන් ස්භාවිකත්වයෙන් මිදි ඝනික වාදි ලක්ෂණ ගැබ් වු ශෛලීන් කරා අවතීර්න වන්නට විය. .ඔහුගේ ප්රථම දියසායම් චිත්රය වශයෙන් රෙදි හැට්ටය හැදි ගැහැනිය නැමති චිත්රය වන අතර සස ජාතකය නමින් පැස්ටල් මාධ්යයෙන් සිතුවමක්ද මුල් කාලයේදි ඇද ඇත. ඔහු විසින් 1921 දී අදින ලද මල්වතු විහාරයේ පිරිත” නැමැති චිත්රයක්ද 1927 අදින ලද වික්ටෝරියා මාවත චිත්රරයත් පසු කාලීනව 1960 අදින ලද ආදර්ශ රූපය සමඟ සිත්තරා නැමැති චිත්රයත් යන චිත්ර 3ගෙන බැලුවහොත් සිත්තරාගේ කලා සංක්රමනය මැනවින් හදුනා ගත හැකිය. ඔහුගේ චිත්ර අතර විහාර මහා දේවිය, රෙදි පෙරවු නගර කාන්තාව,බුත් සරන මල් හා සංගරාජ පිරිවන වැනි ඒවාද ජෝර්ජ් කීට්ගේ සිතුවම් ලෝක පුජිත තත්වයට පත් විය.

බිතාන්යයේ ඇල්බට් චිත්ර කෞතුකාගාරයේ ප්රංශයේ හා ඇමරිකාවේ කලාගාර සඳහා ස්ථීර ප්රදර්ශන චිත්ර වශයෙන් මොහුගේ චිත්ර තෝරාගෙන ඇත.විශ්ව කීර්තිධර සිත්තරාට පේරාදෙනිය විශ්වවිද්යාලයේ අචාර්ය උපාධියක් ශ්රී ලංකා ජන රජය කලා කීර්ති ගෞරව නාමයත් ප්රදානය කිරිම කලාව වෙනුවෙන් කල සේවය ඇගයිමකි. ජීවිතය අවසාන භාගයේදි ඔහු චිත්ර ඇදිම නොකළ අතර පොත පත කියවීමට වැඩි වශයෙන් යොමු විය. 1993 ජුනි 31 දින මේ සිත්තරා මිය ගියේ ස්වීය ඔහු චිත්ර සාම්ප්රදායික නව්යම පැතිකඩක් අප හමුවේ ඉතිරි කරවමිනි. ඔහුගේ ජීවිිත කාලය පුරාම ඇඳ ඇති චිත්ර කෙතරම් ද කිවහොත් වර්තමාන ශිල්පියකු ඔහු ඇද ඇති චිත්රවලින් හතරෙන් එකක්වත් ඇද නැති බව ජෝර්ජ් කීට්ගේ විහාර බිතුසිතුවම් ග්රන්ථ රචනා කළ මහාචාර්ය ඇල්බට් ධර්ම සිරි මහතා පවසයි .
චිලි ජාතික කවියක වන පැබ්ලො නෙරූඩා විසින් වරෙක ජෝ ර්ජ් කිට් අරයා කළ කියමනක් පහත දැක්වේ.
■ “කීට් මා හිතන අන්දමට ශ්රේෂ්ඨ චිත්ර ශිල්පියකුගේ ජීවමාන න්යෂ්යයි.ඔහුගේ සියලුම චිත්ර කෘතිවල පරිණත භාවයේ ප්රමිතිකරණයක් දක්නට ලැබේ.මායාවකින් මෙන් ඔහුගේ වර්ණ සංයෝජනය කෙරෙනු ද සු්විකාර්්යය ද්රව්යයක් පරිස්සමින් ව්යාජන කළ ද ඔහුගේ සිතුවම් විශේෂයේන් සිංහල මිනිසුන් ඇතුළත්වන සිතුවම් රංගන විලාසයක් ගනි. මේ රූප අද්භූත සහගත ප්රකාශනාත්මක විභූතියක් දක්වන අතර තීවු ලෙස ගාම්භීර වූ ආස්වාද සුගන්දයක් වහනය කරවයි.”
■ “නිර්මාණ කිරිමේ තත්ථති කාර්්යය ක්රියාත්මක වන බව පෙළඹවීම හා ආභාෂ නවති. ඉන් පසු එහි නිර්මාණයට දායක වු බලවේග අන්තර්ධාන වන අතර දෘෂ්ටියක් මඟින් එහි ඉලක්කය දක්වා පාලනය කරමින් මෙහෙයවනු ලබන අතර එසේ ගමන ආරම්භ කළ කෘතිය ස්වකීය අනන්යතාවකින් ස්ථාපනය වේ. සිතුවමක් එයින් දැක්වෙන විසඳුම තුළම පරිණාමය වෙයි. එය විසින් ගොඩනඟනු ලබන කිසියම් රිද්මයක් ඉදිරියේ එමඟින් තනනු ලබන රිද්මයානුකූලව විරෝධතාවක් නිසා නිපදවන තමන්ගේම තර්ක පද්ධතියක් ගොඩනඟා ගනි.”
වික්ටෝරියා මාවත නැමැති චිත්රය..

ජෝර්ජ් කීට්ගේ දීර්ඝ කලා ජිවිතයෙහි මුල් අවධියේදි නිර්මාණය කරන ලද චිත්රයකි. වටවංගු සාහිත මාවත ප්රකාෂවත් වෘක්ෂ සරල මනුෂ්යය වාසස්ථානය හා වෙනත් මාර්ගඅසන්න යන අදියෙන් සමන්විත වු භූමි දර්ශනය සාමාන්යය දර්ශනයක් පමනක් නෙවි එය ඊට වඩා යමක් පෙන්නුම් කරයි නිවසින් වැදගත් කොටසක්ද තුරුමුදුනද ජිවිතයෙන් ඉවත් කර ඇත්තේ පින්සල පසෙකලා කතුරක් අතට ගත් විලාසයනි.
සිත්තරා මහා කලාගුරු පෝල් සෙසෑන් අනුව යමින් භූමි දර්ශනයේ ව්යුහාත්මක සැකැස්ම ගවේශණයෙ කරයි . ඒ අනුව මෙම භූමි දර්ශනයට අයත් ද්රව්යවමය සබඳතාවන්ගේ සමස්තය අපරු ලෙස නිර්මාණය කර අත.මේහි අන්තර්ගතය ආකෘතිය බවටත් ආකෘතිය අන්තර්ගතය බවටත් පත් වේ.මේ සියලුල ස්වාභාවදහමේයේ හා මනුෂ්ය වාසයෙහි සැප විපුලතාව නිර්මාණය කරයි. නිවස ඇතුලෙහි අඳුරු සෙවන මාවතේ සුන්දරත්වය හා වෘෂය කඳෙහි ස්මාරකය වටකුරු භාවය මෙහි සබඳ විපුලතාව පෙන්නුම් කරයි.
මෙම චිත්රය තුළ ස්ථාපිත කර ඇත්තේ සිත්තරාගේ පර්යාලෝකී න්යාය අනුවය.ඒ ඔස්සේ නරඹන්නාගේ ඇස් චිත්රයෙහි පෙර බිමෙනි ඈතට ගෙන යනු ලැබේ. පෙරබිමේ ඇති වෘක්ෂ ශරිරයේ කවාකාර විශාලත්වයද නිවසෙහි ජ්යාමිතික හැඩයද පාර අද්දර ගල් බැම්මේ ඝනිකාභාවයද චිත්රයට මහත් ශක්තියක් ලබාදෙයි මේ චිත්රය මඟින් නරබන්නා තුළ විෂය ලෝකය පිළිබඳව ඉතා ගැඹුරු චින්තනයක් ඇති කරයි..

පැහැපත් ස්ත්රියගේ පටු නළල මුදුනේ සිට තියුනු නාසයේ තුඬදක්වා ඇත්තේ එකම සරල රේඛාවකී .ජාමිතික රූපි කේසකලාපි හැඩ තලයන් සමඟ මුදුනේදි ඒ සරල රේඛාව සමඟ එකතු වේමින් ත්රිකෝණ රුපි සුන්දර මුහුනක් නිර්මාණය කරයි ඇති අතර උන්මාදනිය ඇහි බැමි සරල රේඛාවකී .නේත්ත්රයේ ත්රිකෝණ අරා සිටින්නේ ජිවිතය අලෝකමත් කර හැකි පහනක් ලෙසිනේ නොකැඩුණ ලාලිත්යවත් රේඛාව ඇගේ පයෝදර සහ පිරුණු අත්ගොබ නිර්මාණය කරමින් ඇයට ගැඹුරු කායක පරිපුර්ණවයක් ලබා දෙයි .ඇගේ සුන්දර හස්තය පිහිටියේ සුවභාවික නිරූපණාත්මක පිහිටීමක් වශයෙන් නොව තීවුතර ආවෛෂයික පිහිටීමක් වශයෙනි. පුළුල් මාපටෑගිල්ල සහිත ඇගෙු ඇඟිලි පහ පරවි කුලගේ පක්ෂියෙකු වැන්න.බෞද්ධ කලාව තුළ මුද්රා සහිත හස්තයට හිමිවන ප්රමුඛ ස්ථානය මේ චිත්රය තුළ දී එම හස්තයටද හිමි වේ.

කීට් විසින් නිර්මාණය කරන ලද ලස්සන ඇස් ජගත් කලාවේ හොඳම ඒවාය . මේ චිත්රයෙහි පුළුල් සමතලා ක්රමයත් සිහිපත් කරයි. ස්ත්රියගේ හැට්ටයේ අලංකාරණ ප්රංශ කලාවේ දියමන්ති රුපාකාරයන් සහිත සර්කස් ඇඳුමේ ලාංකිය රූපාකාරයක් වැන්න. කීට්ගේ කලාව තුළ ස්ත්රි මාංශයේ සෞන්දර්යය හුදෙක් ජවි වර්ණයක් වශයෙන් නොව ජිවිතය ආලෝකමත් කළ හැකි බලශක්තියක්ලෙෂ නිරූපිතය. ස්ත්රියගේ ලගන්නා සුළු ප්රීති ප්රමා්දය කායික සම්භෝගයේ සුරතාන්තයට ළං වෙයි.
මේ චිත්රය ද්විත්ව ආලේඛයක් වැන්න දෙවැන්නෙකුගේ පැවාත්ම මනාව සම්බන්ධතා සඳහා අනිවාර්ය සාධකයකි . දෙවැන්නාගේ කවකාරමුහුණ සමීපයේ ස්ථානගත කර තිබේ. ඒ හෙයින් මේ චිත්රයේ මානව සබඳතාවය මැනවින් අනාවරණය වේ.
ජෝර්ජ් කීට්ද අන්ය කලාකරුවන් මෙන් හන්ඳු බෞද්ධ පුරාණේක්ති හාවිතයට ගනිමින් මනුෂ්යාගේ අත්දැකිම් විශාලනය කළේය. නමුත් ඔහුගේ මේ භාවිතය සැම විටම සාර්ථක වූයේ නැත. සම්ප්රදායට යටත් විමක්ද මෝස්තරවාදි වීමක්ද ඇතැම් නිර්මාණ වල දක්නට ලැබෙන්නේ ඒ හෙයිනි.
ජෝර්ජ් කීට් විසින් 921 දී අඳින ලද මල්වත්ත විහාරයේ පිරිත් නැමති චිත්රය
මේ චිත්රයද ජෝර්ජ් කීට්ගේ මුල් අවධියට අයත් වේ. කීට්ගේ කලාව වශයෙන් අප විසින් බෝහෝ විට හඳුනාගන්නේ මීට සැබවින්ම වෙනස් ශෛලියකි. කීට්ගේ පසුකාලීන සිතුවම් විසින් “ මල්වත්තේ පිරිත්” සිතුවම්වල ගාම්භීර්යය ඌනනය කරනු ලබන්නේ නැත.මෙය නිරූපණාත්මක සම්ප්රදායකට අයත් චිත්රයකි හුදෙක් බෞද්ධ ධර්මයෙහි අනුහස් කීම සඳහ මේ චිත්රය නිර්මාණය කර නැත. මානුෂික එකමුතුවෙහි සිත් ඇඳගන්නා සුළු රූපයක් වශයෙන් බෞද්ධ ගිහි පැවදි ජිවිතය නිරූපණය කරයි .සිත්තරා ගැඹූරු ඒකාබද්ධතාවයක් ඇති කරගනිමින් මෙම නිර්මාණය කර තිබේ. ගිහියා හා පැවිද්දා අන්යෝන්යය රදා පැවැත්මක් සහිත පිරිසක් බව නිරූපිතය. පැවිද්දෝ එක් පෙළකද ගිහියෝ තවත් පෙළකද වාඩි වි සිටිති දෙපිරිස චිත්රයෙහි වම් පාර්ශ්වයේ දී මුණ ගැසෙති. කෝණයක පාද දෙකක් එකිනෙක මුන ගැසෙන්නා සේ භික්ෂුන්ගේ ශිර්ෂ ඔස්සේ ඇදෙන සරල රේඛාව කුඩා දරුවා සමඟ සිටින ස්ත්රියකගේ හිසෙහි සිට තලප්පාව සහිත හිස දක්වා නැගෙන සරල රේඛාව සමඟ යාවෙයි . චිත්රයෙහි රූපික තුලනය කෙරෙහි සිත්තරා මහත් උනන්දුවක් දක්වා තිබේ.

1939 දී පමණ අදින ලද ගෝතමී විහාරයේ බිතුසිතුවම් ජෝර්ජ් කිට්ගේ ප්රතිභා ශක්තිය විදහාපාන නවින චිත්ර කලා සම්ප්රදායකි. බොරැල්ල ප්රදේශයේ නිදහස් භුමි භාගයක පිහිටි මෙම විහාරයේ චිත්ර සදහා මුලික තේමාව වි ඇත්තේ බුදු දහමයිග විහාරයේ පිටත මාලයේ පදක්ෂිනා පථයේ කීට් මහතා විසින් අදින ලද සිතුවම් වලට බුදුන්වහන්සේ ගේ ජිවිත කතාවේ වැදගත් සිදුවීම් තේමා වි ඇත. මෙම චිත්ර වල රේඛාව හසුරුවා තිබෙන්නේ රිද්මයානුකුලවය.තවද එතුමාගේ අදහසට අනුව එහි ඇත්තේ මාධුර්යකිග වර්ණ කිරිම අතින් බලන විට එම චිත්රවලිය ද්විමාන ප්රකාශයක් වුවද රේඛාව හැසිරවීම තුළින් එහි ත්රිමාණත්වයක් ද රැකගත් බව පෙනේ. ජිවයෙන් පිරිගිය මානව රූප අතරට පසුතල යොදාගත්තේ ජයමිතික රේඛාවන්ය. එහි දොර ජනේල මාළිගා ආදිය දක්වා තිබෙන්නේ සිරස් තිරස් අතට යෙදු පසුතල සරල රේඛා වලිනි.

තවද මෙහි සෑම ස්ත්රී රූපයක්ම අපුර්ව ලාලිතයක් දැකිය හැකිය.වර්ණ අතින් බලන කල සුදු ල තදකොළල ලා නිල්ල අදුරු කහ සහ ගුරුපාට සමබරව යෙදීම චිත්රාවලියේ විශේෂ ලක්ෂණයකි. ජෝර්ජ් කිට් මෙම ගෝතමී විහාර බිතුසිතුවම් කලේ ඔහුගේ ආවේණික ලක්ෂණ අනුවය.මෙම සිතුවම් සදහා බොයිඩ්ගේ අදහස් වලට අනුව චිත්ර ඇදිම කරන ලදිග ඔහු බිත්ති සකස් කළේ මුහුදු වැලි පිටි මෙන් අඹරා දෙහි යුෂ සහ ඇසිටික් ඇසිඩ් නම් රසායනික ද්රව්ය සමග
කලවම්කර තලපයක් සාදා බිත්තියේ ප්ලාස්ටරය සම්පුර්ණයෙන් ගලවා ඉවත් කර අලුතෙන් ප්ලාස්ටරයක් දැමීමෙනි.මොහුගේ තීරණය අනුව පෙර අධ්යනයක් නොවුවත් බුදුන්වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවිම් බිතු සිතුවම් සදහා ඔහු තෝරා ගෙන ඇත.

මේ සදහා ඔහුට සහය වු තෙල්වත්තේ අමරවංශ හිමියෝ ජෝර්ජ් කිට්ව දිරි ගැන්වීයග ප්රථමයෙන් බුදු සිරිතේ එන වැදගත් අවස්ථා පිළිවෙලින් බිතු සිතුවමට නැංවීය. පලමු චිත්රය වූයේ සිදුහත් උපත පිළිබද සිහිනය යි. එයින් පටන් ගත් ඔහු බුද්ධත්වය ලැබීම දක්වා ද බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුරජාණන් වහන්සේට මුහුණ පාන්නට සිදු වු අවස්ථාද චිත්රයට නගන ලදී.පදක්ෂිනා පථයේ සිතුවම් අතර මෙම සිතුවමට අමතරව

● දේවාරාධනය
● සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
● දුණු ශිල්පය දැක්වීම
● සිද්ධාර්ථ කුමරු හා යශෝධරා දේවිය අතිනත ගැනීම
● නළගන රෑගුම්
● ගිහිගෙයි කළකිරීම
● මහාභිනිෂ්කමණය
● නේරන්ජනා නදියෙන් එතෙර වීම
● කේෂඡේදනය
● බිම්බිසාර රජු හමුවීම
● ආලාර තවුසා වෙත යාම
● මාර පරාජය
● පිරිනිවන් පෑම
● බුදුන් කිඹුල්වත්පුරයට වැඩම පථම ධර්ම දේශනාව
● පරිණිර්වාණය ප්රධාන තැනක් ගනී

බොරෑල්ලේ මෙම විහාර සිතුවම් අතර මාර පරාජය දැක්වෙන සිතුවම සුවිශේෂ කලා ලක්ෂණ වලින් යුක්තයගමාර පරාජය සිතුවමින් පෙන්නුම් කරන්නනේ ධ්යාන සුවයෙන් වැඩ හිදින බුදුන් වහන්සේගේ රෑපකාය හා වියරැව සිටින මාරයනුත් ක්ලේෂයන් මනා සේ නිරෑපනය කරන තන්හා රතී රගා යන අඩනිරැවත් සුරෑපී මාර දූතියෝය.ගමෙහි මාරයින්ගේ මුහුණ ඇද තිබෙන්නේ ජ්යාමිතික හැඩතල වලට අනුව.එයින් මාරයින් යන අද්භූත ස්වරෑපය තාත්විකව මතු කර දක්වයි. කල්පිත සංකල්පනාවක් වශයෙන් ශිල්පියාගේම ශෛලිය සාර්ථක වී ඇත. තව ද මෙහි මාර දූතියන් ස්ත්රී ලක්ෂණ වලට අනුව නිරෑපනය කරන ශිල්පියා ක්ලේෂයන්ගේ ජීවමාන ස්වරෑපය පෙන්වා දෙයි.මාරයින්ගේ රෞද බියකරු බවත් මාර දූතියන්ගේ රාගික බවත් බුදුන්ගේ ශාන්ත භාවයත් මේ සිතුවමින් එකවර ප්රකාශ කිරීමට ශිල්පියා සමත් වී ඇත.ශිල්පියා චිත්රයේ තිමාණ ලක්ෂණ පෙන්නුම් කරනුයේ කෙටි ඉරි කැබලි යෙදීමෙනි.වර්ණ අතිත් බලන කළ පළමු රේඛාවලින් සටහන් කරන චිත්රය පසුව වර්ණ ආලේප කර ඇති බව පෙනේ.මෙහිදී මාරයින් තද කලු පාටින් ද මාර දූවරු ලා දුඹුරු පාටින්ද පසු තලය රතු පාටින් ද සිතුවම් කර ඇතගසංරචනය අතින් ඉතා උසස් තත්වෙක පවතින සිතුවමකී.

තව ද අභිනිෂ්ක්රමණය නිරූපණය කරන සිතුවම ද විශේෂ ලක්ෂණවලින් කැපී පෙනේගමෙහි බෝධි සත්වයෝ අසෙකු පිට යන අවස්ථාවත් අනෙක් කොනේ යශෝධරාවත් නිර්මාණය කොට ඇත.එහි දී බෝධි සත්වයන් දෙස යශෝධරාව බලා සිටින ආකාරයක් පෙනේගඅදහස් කීපයක් එකවර නිරූපණය කිරීමට මෙය යොදාගෙන ඇති බව පෙනේ.

බොරැල්ලේ ගෝතමී විහාරයේ මෙම සිතුවම් ජොර්ජ් කිට්ගේ අපූරු නිර්මාණ හැකියාව මනා ලෙස පිළිබිඹු කරයි.මේ අනුව ජෝර්ජ් කීට් අපූරු නිර්මාණකරුවෙක් ලෙස හඳුනාගත හැකිය..

(උපුටා ගැනීම-මුහුණුපොතේ පළවූ ලිපියකිනි)