Home
About
Contact
Home
සිත්රූආට් නිර්මාණ
video
ගුරු අත්පොත්
11 ශ්‍රේණීය චිත්‍ර කලාව
Home
11 ශ්‍රේණීය චිත්‍ර කලාව
දළදා මාළිගාව
දළදා මාළිගාව
sithruartcreation
June 18, 2021
ශ්
රී ලාංකික ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ දළදා මාළිගාව විවිධ ප්
රතිසංස්කරණයන්ට භාජනය වෙමින්,දෙවන විමලධර්මසූරිය රජු විසින් ( ක්
රි.ව.1687 - 1707 ) ගොඩනගා ඇති බව සඳහන් වේ.
දළදා මාළිගාව අයත් ගොඩනැගිලි සංකීර්ණය දළදා මැදුර, මඟුල් මඩුව, පත්තිරිප්පුව,උල්පැන් ගෙය,දියතිලක මණ්ඩපය හා මුලාදෑනි මන්දිරය ආදී වශයෙන් නම් කළ වාස්තු විද්
යාත්මක නිර්මාණ රැසකින් යුක්ත ය.
මෙම ආගමික සංකීර්ණයේ ඇති සුවිශේෂී ම ගෘහ නිර්මාණ අංගය / ගොඩනැගිල්ල වන්නේ, පත්තිරිප්පුව යි.
මෙම ගොඩනැගිල්ල අටපට්ටම් හැඩයෙන් යුක්ත ය.
ගොඩනැගිල්ල වටා පේශාවන් දැක්වෙන අතර කවුළු,කුලුනු හා ගරාදි වැටවල් ක්
රමානුකූලව නිර්මාණය කර ඇත.
පත්තිරිප්පුව නිර්මාණයේ ගෞරවය හිමිවන්නේ, දේවේන්ද්
ර මූලාචාරීන්ට ය.
ශ්
රී දළදා මාළිගාවේ මහනුවර සම්ප්
රදායයට අයත් සිතුවම් රැසක් දක්නට ලැබෙන අතර ලියකම්,මල්කම්,කල්පිත රූප සුවිශේෂී වේ.
මහනුවර යුගයේ දක්නට ලැබෙන හොඳම සඳකඩපහණ දළදා මාළිගාවේ හමුවේ.
ත්
රිකෝණාකාර හැඩයක් ගන්නා මෙම සඳකඩපහණ මධ්
යයේ මඳක් උස් වූ පද්මයක් හා දෙපස මල් ලියකම් දැකිය හැකි ය.
දළදා මාළිගාවට ඇති ප්
රධාන පිවිසුමේ ආරුක්කු හැඩති වියන අලංකාර මල් සහ ලියවැල් සැරසිලි වලින් අලංකාර කර ඇත.එහි දෙපස බිත්ති දෙකෙහි දෝතින් මල් වට්ටි රැගෙන යන පුරුෂ රූප සිතුවම් කර ඇත.දළදා මන්දිරයේ වියන් මෙන්ම බිත්ති ද සිංහල සැරසිලි මෝස්තරවල එන සත්ත්ව රූප,පක්ෂි රූප, මල්කම් ලියකම් ආදියෙන් අලංකාර කර ඇත.
Post a Comment
0 Comments
Labels
08-ශ්‍රේණිය චිත්‍ර කලාව
09 -චිත්‍ර කලාව
10- ශ්‍රේණිය චිත්‍ර කලාව
11 ශ්‍රේණීය චිත්‍ර කලාව
12-ෙශ්‍ර්ණිය චිත්‍ර කලාව
7-ශ්‍රේණිය චිත්‍ර කලාව
video
අධ්‍යාපනික තොරතුරු ඇතුලත් වෙබ් අඩවි
අනුමාන ප්‍රශ්නපත්‍ර
ගුරු අත්පොත්
මුර්ති කලාව
සිත්රූආට් නිර්මාණ
ලිපි එකතුව
2021
75
2018
15
Translate
art by saman wijesuriya
Search
Featured Post
7-ශ්‍රේණිය චිත්‍ර කලාව
චිත්‍ර කලාව-07 ශ්‍රේණිය-ශ්රී ලංකාවේ ආදි ගුහා සිතුවම්
sithruartcreation
October 02, 2021
Social Plugin
Popular Posts
ශ්රී ලංකාවේ පැරණි සිතුවම් කලාව
May 24, 2021
o/l Art-Rafeal sanzio
July 08, 2021
2021 O/L ART-චිත්‍ර කලාව කෙටි සටහන් පින්තූර සහිතව
September 03, 2021
0 Comments