පැබ්ලෝ පිකාසෝ චිත්ර ශිල්පියා

 


යුරෝපයේ චිත්ර කලාවේ ඝනිකවාදී ශෛලිය ඉදිරිපත් කළ ප්රමුඛතම චිත්ර ශිල්පියා ලෙස පැබ්ලෝ පිකාසෝ ශිල්පියා හඳුන්වාදිය හැකිය. පැබ්ලෝ පිකාසෝ ශිල්පියාගේ පියා චිත්ර ගුරුවරයෙකු අතර ඔහු සිය දරුවාගේ දක්ෂතා හඳුනාගෙන චිත්ර ශිල්පය වෙත සිය දරුවා යොමු කරන ලදි.

 

 

පිකාසෝ චිත්ර ශිල්පියාගේ කලා ජීවිතේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ පැරීසියට ගොස් ප්රවීණ චිත්ර ශිල්පීන් සමග එකට කටයුතු කරමින් ලබන කලා අධ්යයනයන් ය.


පැබ්ලෝ පිකාසෝ pablo picasso චිත්ර ශිල්පියාගේ චිත්ර නිර්මාණ අයත් කාල සීමාවන් කිහිපයක් දක්නට ලැබේ.

 


1. නිල් යුගය 1901-1904

2. රෝස යුගය 1905-1906

3. ඝනිකවාදී යුගයෙන් 1907න් පසු

නිල් යුගයේදී නිල් වර්ණයට විට මුල් තැන දෙමින් චිත්ර නිර්මාණය කළ අතර රෝස යුගයේදී රෝස වර්ණයට මුල්තැන දෙමින් සිතුවම් නිර්මාණය කර ඇත. ඝණිකවාදී යුගයේදී ජ්යාමිතික හැඩතල භාවිතයට ගනිමින් සිතුවම් නිර්මාණය කර ඇත. මෙය අප්රිකානු මූර්ති හා වෙස්මුහුණුවල ආභාසය ලබමින් පිකාසෝ විසින් නිර්මාණය කරන ලද කලා ශෛලියකි.


ඝනිකවාදී ශෛලිය ලක්ෂණ අනුව නිර්මාණය කළ සිතුවම් අතර

1.අවිග්නොන්හි යුවතියෝ

2.වයලින් වාදකයා

3.වැලපෙන ස්ත්රීය

4.ගුවර්නිකා

වැනි සිතුවම් පෙන්වා දිය හැකිය.

 අවිග්නොන්හි යුවතියෝ සිතුවම සහ ගුවර්නිකා සිතුවම

.....අවීග්නොන්හි යුවතියෝ....



පැබ්ලෝ පිකාසෝ විසින් 1907දී අවිග්නොන්හි යුවතියෝ සිතුවම් නිර්මාණය කර ඇත. ශිල්පියාගේ ඝණිකාවාදී කලා සම්ප්රදායේ මුල්ම නිර්මාණය වශයෙන් සැලකේ. අප්රිකානු වෙස්මුහුණු හා මූර්තිවල ආභාසය දැකිය හැකිය. ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ අවිග්නොන් නම් වීදියේ ජීවත් වුණු වීදි කාන්තාවන් වස්තු විෂය කරගෙන ඇත. අභිසරු ලියන්ගේ හැඟීම් තීව්ර ලෙස ඉදිරිපත් කිරීම සඳහා ඝණික හැඩ සහ අප්රිකානු වෙස්මුහුණුවල ලක්ෂණ මෙම රූප සඳහා භාවිත කර ඇත.වෙස් මුහුණුවල දැක්වෙන ගැඹුරු කැපීම් සහිත ලක්ෂණ මෙන්ම ස්ත්රීන්ගේ මුහුණුවලින් දක්වමින් මානසික ප්රතිරෝධී තත්ත්වයන් හා චිත්ත සන්තාප මනාව නිරූපණය කර ඇත. ස්ත්රී රූප පහකින් සංරචනය ගොඩනගා ඇත.

තෙල් සායම් මාධ්ය කොටගෙන කැන්වසය මත නිර්මාණය කර ඇත. වර්ණ හා ගැඹුරු රේඛා සංයෝජනය ද චිත්රයෙහි ප්රකාශනය තීව්ර කිරීමට සමත්ව ඇත. නිව්යෝර්ක් වූ නූතන කලා කෞතුකාගාරයෙහි නිත්ය ප්රදර්ශනයට තබා ඇත.

......... ගුවර්නිකා සිතුවම........



පැබ්ලෝ පිකාසෝ විසින් 1937දී නිර්මාණය කළ ගුවර්නිකා චිත්රය සඳහා වස්තු විෂය වී ඇත්තේ දෙවන ලෝක යුධ සමයේ ගුවර්නිකා නම් නගරයට බෝම්බ හෙලීමේ සිදුවීමයි. යුද්ධයක ඇති බිහිසුණු බව මෙම නිර්මාණයෙන් ප්රකාශ කිරීමට සමත්ව ඇත. යුක්තිය ඉල්ලා මොරදීම, වැළපීම, මලු උන් වැළඳගැනීම, හුදෙකලා බව ආදී හැඟීම් රාශියක් ප්රකාශ කර තිබේ. චිත්රය හැඟීම් ප්රකාශ කිරීම සඳහා යොදන ලද මානව හා සත්ත්ව රූප මැනවින් සාර්ථක ඇත.අශ්ව, ගව හා ස්ත්රී පුරුෂ රූප කොටස් මෙන්ම විදුලි බල්බයක කොටස් මෙහි වන අතර මෙවා සුන්බුන් කොටස් ලෙස සම්පිණ්ඩනය කොට ඇත. මෙහි බාහිර සුන්දරත්වයට වඩා අභ්යන්තර හැඟීම් නිරූපණයට සමත්ව ඇත.

පැතලි තලය මත විවිධාකාර හැඩ සංරචනය කර ඇත්තේ ශාස්ත්රාලයීය යථාර්ථවාදී ශෛලියේ ආභාසය බිඳ දමමිනි. සුදු ,අළු , කළු පැහැති වර්ණ සීමිත වර්ණ මාලාවක් භාවිත කර ඇත.

මෙහි යොදාගෙන ඇති හැඩතල අනුව මෙම චිත්රය ඝනිකවාදී ශෛලියට අයත් වේ. අධිතාත්විකවාදී කලා ලක්ෂණද දක්නට ඇති බව පැවසේ. 135cm ×275cm වන ප්රමාණයෙන් යුතු නිර්මාණයකි. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි කලාගාරයක ප්රදර්ශනයට තබා ඇත.

...... 11 ශ්රේණිය ගුරු මාර්ගෝපදේශ සංග්රහය ඇසුරිනි. පළමු සිතුවම: අවිග්නොන්හි යුවතියෝ, දෙවෙනි සිතුවම: ගුවර්නිකා සිතුවම......